ප්‍රධාන දේශනය –– ඩිජිටල්කරණ අභියෝග වලට මුහුණ දෙමින් ව්‍යාපාරික අවස්ථාවන් උදාකර ගන්නේ කෙසේද?
මහාචාර්ය රොහාන් සමරජීව මහතා, හිටපු සභාපති, ICTA ආයතනය.
බොහෝ අවස්ථා වලදී ගුරුවරයෙකු ලෙසින් දැනුම බෙදාදෙන මහාචාර්ය රොහාන් සමරජීව මහතා ප්‍රතිපත්ති ව්‍යවසායකයෙකු ලෙසින් සඳහන් කළ හැකිය. ඔහු ආර්ථිකය, නීතිය සහ තාක්ෂණය යන විෂයන්හි වැදගත් ප්‍රතිපත්ති කරුණා පිළිබඳව කතුවරයෙකු, දේශකයෙකු සහ ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ඉදිරිපත් කරන්නෙකු ලෙසින් කැපී පෙනේ.
ආසියාවේ සහ දකුණු ආසියාවේ සක්‍රීය කාර්ය භාරයක් ඉටුකරන ලර්න් ඒෂියා ආයතනය 2004 වසරේදී ආරම්භ කළේ මහාචාර්ය රොහාන් සමරජීව මහතායි. ඔහු එම ආයතනයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරයි. මෙරට තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපතිවරයා ලෙසින් සමරජීව මහතා 2018 සිට 2019 දක්වා කටයුතු කළ අතර එහි සමාරම්භක අධ්‍යක්ෂවරයෙකුද වේ. එසේම, මෙරට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසින්ද මහාචාර්ය රොහාන් සමරජීව මහතා සේවය කර ඇත.
ඔහු ඇමරිකාවේ ඔහියෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සහ නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසින් සේවය කර තිබෙන අතර මෙරට ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීමට කළ කාර්ය භාරය වෙනුවෙන් 2018 වසරේදී SLT ZeroOne Lifetime Achievement සම්මානය දිනාගැනීමට සමත්විය. එසේම, 2015 වසරේදී අන්තර්ජාල සමාජයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් මහාචාර්ය රොහාන් සමරජීව මහතා මෙරටට අන්තර්ජාල පහසුකම් හඳුන්වාදීමේ පුරෝගාමියෙකු ලෙසින් ඇගයීමට ලක්කර තිබේ. වර්තමානයේ මෙරට සිදුකරන ඩිජිටල්කරණ වැඩසටහන් කිහිපයකම ඔහු උපදේශකයෙකු ලෙසින් කටයුතු කරයි.

රුවන් පෙරේරා මහතා – ප්‍රධාන විධායක නිළධාරී, NDB Wealth Management Limited
මුදල් වෙළෙඳපොළ අරමුදල්, කොටස් වෙළෙඳ පොළේ සහ
ඒකක භාරවල ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභයක් ලබාගන්නේ කෙසේද?
NDB Wealth Management Limited සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිළධාරීවරයා වන රුවන් පෙරේරා මහතා අරමුදල් කළමණාකරණය සහ ප්‍රාථමික වෙළෙඳ කර්මාන්ත ඇතුළු මූල්‍ය සේවා අංශයේ වසර 25 කට අධික පළපුරුද්දක් සතුවන අතර ඔහු මෙරට සිටින ප්‍රමුඛතම ආයෝජන උපදේශකවරයෙකි.
ඔහු කළමණාකාර ගණකාධිකරණ වරලත් ආයතනයේ (ACMA, UK) සහ ගෝලීය කළමණාකාර ගණකාධිකරණ වරලත් ආයතනයේ (CGMA) සාමාජිකයෙකි. රුවන් පෙරේරා මහතා මූල්‍ය අංශයේ ව්‍යපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය සහ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන තිබේ. හෙතෙම කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකි. ඔහු Harvard Business School සහ Indian School of Business හි විධායක මට්ටමේ වැඩසටහන් සඳහා සහභාගී වී ඇත.
____________
ආචාර්ය (වරලත් ඉංජිනේරු) රනිල් සුගතදාස මහතා
BSc.Eng(Hons), MSc, PhD, MBA (Colombo), MIE(SL), CMILT(UK), SEDA(UK), CEng, PMP (USA) ප්‍රධාන විධායක නිළධාරීන්, කළමණාකාර අධ්යක්ෂවරුන්, සමාගම් සභාපතිවරුන්, ව්‍යවසායකයින් 200 කට වැඩි ප්‍රමාණයකට වඩා හොඳ ප්‍රතිඵල, ලාභ වර්ධනය කර ගැනීමට ළඟින් කටයුතු කර උපදෙස් ලබා දී ඇත. එසේම, ඔහු විසින් දේශීය සහ ගෝලීය වශයෙන් සංවිධාන රැසක් හරහා පුහුණු කර ඇති අධික පිරිසක් නායකත්වය, ව්‍යාපාර පරිවර්තනය සහ පුද්ගලික සංවර්ධනය සඳහා සැබෑ බලපෑමක් කරමින් සිටී.
ඔහු ඇමේසන් හි, ලෝකය පුරා ප්‍රකාශයට පත් කරන ලද CEO Mastery, ‘From Engineer to Leader: Essential: Building your Leadership & Management Toolkit’ Business Environment in Project Management, Project Stakeholder Management, ප්‍රමාණයකට Project Communication Management යන පොත් 05 හි, කතුවරයායි.
එසේම, කළමනාකරණ උපදේශක, වරලත් ඉංජිනේරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන හෙතෙම
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ප්‍රවාහන කළමනාකරණ සහ සැපයුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. ආචාර්ය රනිල් සුගතදාස මහතා මානසික ඔරොත්තු දීමේ හැකියාව, චිත්තවේගීය බුද්ධිය සහ සේවා ස්ථානයේ සතුට කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ප්‍රධාන විධායක නිළධාරීන් පුහුණු කිරීම, ජ්‍යෙෂ්ඨ නායකත්ව පුහුණුව, ප්‍රතිඵල පුහුණු කිරීම සහ උපායමාර්ගික ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ විශේෂඥයෙකු ලෙස කටයුතු කරයි.
ඉහළ නායකත්වයේ සිට මෙහෙයුම් කණ්ඩායම් දක්වා සංවිධානයක සියලුම මට්ටම්වලට ගැලපෙන පරිදි පුහුණු වැඩසටහන් ඔහු අභිරුචිකරණය කරයි, එසේම, මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම උපාය මාර්ග ප්‍රායෝගික සහ අදාළ බව සහතික කරයි. හෙතෙම, නායකත්වය සහ කළමනාකරණය, ව්‍යාපාර සම්බන්ධයෙන් ලෝකයට අලුත් සහ ප්‍රයෝගික ක්‍රමවේද (models) ඉදිරිපත් කර ඇත.
නීතීඥ යානක යමිත්ර රණවීර මහතා
නීතීඥ යානක යමිත්ර රණවීර මහතා මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙස සේවය කරයි. ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්මාන සහිතව රුහුණ විශ්ව විද්‍යාලයෙන් ලබා තිබෙන හෙතෙම ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිතව රුහුණ විශ්ව විද්‍යාලයෙන් ලබා ඇත.
එසේම, නීතිය පිළිබඳ උපාධිය දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිතව විවෘත විශ්ව විද්‍යාලයෙන්ද, නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය (දෙවන පෙළ පන්ති සාමාර්ථයක් සහිතවද ලබා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමණාකරුවකු, සහකාර අධ්යක්ෂ වරයකු, ජ්‍යේෂ්ඨ සහකාර අධ්යක්ෂ වරයකු සහ නියෝජ්‍ය අධ්යක්ෂ වරයෙකු ලෙස ඔහු සේවය කර තිබේ.